FAST NEWS

24×7 Around the Globe

සුසිල්ට අනුරට එරෙහි වාරණ නියෝග ඉවතට.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට සිය ධුරයන්හි වැඩ බැලීම අත්හිටවන ලෙස ඉල්ලමින් සන්ධානයේ නව මහ ලේකම් මහාචාර්ය විශ්වාවර්ණපාල මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය අද (28දා) ඉල්ලා අස්කරගනු ලැබීය.

ඔවුන් දෙදෙනා සඳහන් කළේ තමන්ට දැන් බාධාවකින් තොරව වැඩ කරගැනීමට දැන් අවස්ථාව හිමිව ඇති බවත්, ඒ හේතුවෙන් අතුරු තහනම් නියෝගය ඉවත්කරන ලෙසයි.