ශ්‍රී ලාංකික ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හදුන්වාදීමට නියමිතයි.
පළමු අදියරේ දී රෝහල් 200 කට කාඩ්පත් නිකුත් කිරීමට නියමිතව ඇති අතර විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන ලදී.
මෙම කාඩ්පත තුල රෝගිගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇති අතර රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කර හැක.
ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල සෑම ජනතාවටම මෙම කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.








