FAST NEWS

24×7 Around the Globe

නීතිඥ සංගමයේ නිළවරණය අද (20)

2019 – 2020 වසර සඳහා වු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද (20) පැවැත්විමට නියමීත බය එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙහිදි නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට නියමීත බවත් පැවසේ.

සෑම දිසා අධිකරණයක්ම ආවරණය වන පරිදි පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා, මධ්‍යස්ථාන 84 කදී අද (20) දිනය තුළ ඡන්ද විමසීම සිදුකෙරේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019 – 2020 වර්ෂය සඳහා සභාපතිධූරයට ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරු තරග වදිති.

නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංග යන මහත්වරු මෙවර ලේකම්ධූරය සඳහා තරග වදිති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරයි.