FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා ස්ථානවලට හානිකරන්නන්ට එරෙහි දඩ මුදල ඉහළට…

පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන වලට හානි කිරිම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ගෙන් අය කරන දඩ මුදල ඉහළ නැංවීම සදහා කටයුතු කිරීමට මේවන විට අවධානය යොමුව ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී.මන්ඩාවල මහතා පවසයි.
ඒ සදහා වන නීති රීති ඉදිරියේදි දැඩි කිරීමටත් කටයුතු කරනු ඇත.
මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ පුරා විද්‍යාත්මක හා ආගමික වටිනාකමකින් යුත් ස්ථාන නැරඹීමට පැමිණෙන ඇතැම් තරුණයන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වූ සිද්ධීන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.