FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

ශ්‍රී ලංකාව අනුගමනය කරන පළිබෝධ පාලන සහතික කිරීම් හේතුවෙන් ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව රුසියාවද ඉන්දීය මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වා ඇත.
ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති කොන්දේසි ඉන්දියාව විසින් මේ වන විටත් සහතික කර ඇති බව ඉන්දිය නශික්හි (මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නගරයක්) ගොවි නිශ්පාදන සමාගමේ සභාපති විල්ස් ශින්ඩේ සඳහන් කර තිබේ.
පසුගිය වසරේදී ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් මෙරටට ආනයනය කර තිබේ.