FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ පරීක්‍ෂණ ආයතන ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු..

කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ නිසා රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් කිරිපිටි ඇතුළු ආහාර සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට සම්පත් නොමැති බවත්, මේ නිසා අධිකාරිය තුළ පරීක්‍ෂණාගාරයක් ඇති කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.
ආහාර සම්බන්ධයෙන් අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අනුව අදාළ සාම්පල් රජයේ පරීක්‍ෂණාගාර වෙත යොමු කර අදාළ නීතිමය පියවර ගැනීම සිදුකරන බවත්, එහෙත් කිරිපිටි සම්බන්ධ ගැටලුවත් සමග කිරිපිටි සාම්පල් පරීක්‍ෂා කිරීමට නොහැකි බවට අදාළ ආයතන දන්වා තිබෙන බවත් දික්කුඹුර මහතා පවසා සිටියේය.