FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයේ අවධානම් සහිත ලැයිස්තුවට…

යුරෝපා සංගමය විසින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවදානම් පවතින රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.
ඒ, එම අවදානම් වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ලබාදී ඇති නිර්නායක අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.
මෙම තීරණයත් සමග ශ්‍රී ලංකාව සමඟ බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ කෙරෙන අතර ඉරානය, පාකිස්තානය සහ සිරියාව ද එම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
යුරෝපා සංගමය මගින් 2019 වසර සඳහා එවැනි රටවල් 23 ක අසාදු ලැයිස්තුවක් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ එහි 08 වන ස්ථානයටයි.