FAST NEWS

24×7 Around the Globe

ජනපති කාර්යාලයේ රියදුරෙකු මත් කුඩු සමග අත්අඩංගුවට..

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග‍්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අරලංගවිල වැව අසළදී ඊයේ (17) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනික් සැකකරු කොළඹ ප‍්‍රදේශයේම ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරයි.