FAST NEWS

24×7 Around the Globe

රත්නපුරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල…

ඊයේ (17) රාත්‍රියේ රත්නපුර – රද්දැල්ල මාර්ගයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබූ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්ගමුව – කරන්ගොඩ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව රත්නපුර පොලීසිය සඳහන් කරයි.