FAST NEWS

24×7 Around the Globe

වසරේ මුල සිට පෙබරවාරි 10 දක්වා පාරිභෝගික අධිකාරියට අනූ පන්දහසකට ආසන්න දඩ මුදල්..

මේ වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 10 දක්වා වූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට අධික දඩ මුදලක් උපයාගෙන ඇති බව එම අධිකාරිය පවසයි.
ජනවාරි මාසයේ පමණක් වැටලීම් 1376 ක් සිදුකර රුපියල් අනූ ලක්ෂ 28,500 ක මුදලක් උපයාගැනීමටත් එම සමාගම සමත්ව ඇත.
ඊට අමතරව, පෙබරවාරි පළමුවනදා සිට 10 වන දින දක්වා වූ කාලසීමාව තුළ වැටලීම් 154 ක් සිදුකර රුපියල් හාර ලක්ෂ 65,000 ක මුදලක් දඩ ලෙස අයකරගෙන ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.