FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සමග ශෝකය බෙදා ගැනීමට අගමැති සූදානම්…

ත්‍රස්තවාදයේ ඕනැම මුහුණුවරක් පරාජය කිරීමට කලාපීය සහ ජාත්‍යන්තර අංශ වෙත තවදුරටත් උපරිම සහය සළසන බවත් , ඉන්දියාව මුහුණදී සිටින මෙම අසීරු අවස්ථාවේ දි ශ්‍රී ලංකා ජනතාව සහ තමන් ශෝකය බෙදා ගැනීමට එක්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන්නේ පෙරදා දිනයේ දී කාශ්මීරයේදී ඝාතනයට ලක්වු ඉන්දිය සෙබලුන් සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින්.
1989 වසරෙන් පසු ජම්බු කාශ්මිරයේ සිදුවු දරුණුතම ප්‍රහාරය වන මෙය තරයේ හෙලා දකින බවද රනිල් වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි මහතා වෙත යැවු ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සදහන්ව ඇත.