FAST NEWS

24×7 Around the Globe

සිලෝන් ටී නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට පියවර ගනී..

සිලෝන් ටී නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව තේ මණ්ඩලය පවසයි.
ඒ යටතේ චීනය . රුසියාව . ජර්මනිය . සහ ජපානය යන රටවල ප්‍රවර්ධන වැඩසටහන් මේ වසරේ දී ක්‍රියාත්මක කරන බව තේ මණ්ඩලයේ සභාපති එල් විජේරත්න මහතා පැවසීය.
එම ප්‍රවර්ධන වැඩසටහන් එළැඹෙන මැයි මාසයේදී චීනයෙන් ආරම්භ කරන අතර රුසියාවේ තේ ප්‍රවර්ධන වැඩසටහන එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම ප්‍රවර්ධන වැඩසටහන්වල දෙවැනි අදියර ජර්මනිය . යුක්රේනය . ජපානය යන රටවල ක්‍රියාත්මක කෙරේ.