FAST NEWS

24×7 Around the Globe

මහවැලි ඉඩම් ඔප්පු දස දහසක් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්…

සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දස දහසක් බෙදාදීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්තකණඩිය නුවරගල මහවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී අද (15) පෙරවරුවේ සිදුකෙරිණි.
මීට අමතරව ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන පිරිනැමීමද සිදුකරනු ලැබීය.
හොඳම මහවැලි ගොවි සංවිධානය, හොඳම මහවැලි කිරිගොවියා හොඳම මහවැලි ගෙවත්ත හොඳම වාරි පද්ධතිය යන අංශ කිහිපයක් යටතේ ත්‍යාග හා සම්මාන පිරිනැමීය.
මහවැලි ගොවි ජනතාවට තමන් බුක්තිවිඳින ඉඩම් නිත්‍යානුකූල අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන 2016 වසරේදි ජනාධිපතිතුමාගේ මග පෙන්විමෙන් ආරම්භ වු අතර මේ වන විට මහවැලි කලාපය තුල පමණක් ඉඩම් ඔප්පු එක්ලක්ෂ හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් බෙදාදී ඇත.