FAST NEWS

24×7 Around the Globe

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.
ඒ , එම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.