FAST NEWS

24×7 Around the Globe

සබරගමු සරසවි සිසුන් 54 කට පන්ති තහනමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පැනවිමට කටයුතු කළ යුතු බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේය.

පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පනවා තිබේ.

ඒ අතර සිසුවියන් පිරිසක් ද වන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.

අදාළ සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි රැසක් සලකා බැලීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ඔවුන් නවක වධය ලබා දීමට සම්බන්ධ බවට කමිටුවකදී අනාවරණය වූ බවද පැවසේ.