FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…

දිවයින පුරා මේ දිනවල පවතින උෂ්ණත්වය තවදුරටත් පවතින බවත් , ඉදිරි මාසයේදී පරිසර උෂ්ණත්වය තවත් වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට කොළඹ දිස්ත්‍රික්කයේ අද (15) අපේක්‍ෂිත උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් වන අතර අනුරාධපුරයේ සෙල්සියස් අංශක 31 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂා කරයි.
ගාල්ල, ‍ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනය යන නගරවලට සෙල්සියස් අංශක 30 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.