FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් ගාලු විදුහල්පතිනිය රිමාන්ඩ්..

රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පතිනිය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
මෙම සැකකාර විදුහල්පතිනිය පළමු වන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනිම සඳහා ගාල්ල මකුළුව ප්‍රදේශයේ මවකගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් විදුහල්පති කාමරය තුලදී ලබා ගනිද්දි ඊයේ (13) සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිහු විසින් අත් අඩංගුවට ගන්නා ලදහ.