FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

රජය විසින් මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැඩිලෙස ක්‍රියාමාර්ග ගනු ලැබුවත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු නොවන බව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා සදහන් කර සිටියි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නුවර කටුගස්තොට සහිරා පිරිමි විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය අමතමින්.
ළමයින් ක්‍රීඩාවට උනන්දුවක් දක්වනවා වගේම මත්ද්‍රව්‍ය වලින් ඔවුන්ව ඈත්කර තබා ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් වැඩිහිටියන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රජයට මෙන්ම දෙමව්පියන්ටත් පැවරී ඇති මෙම භාරදූර්ය වගකීම පිළිබදව අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.