FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදාහරියි…

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13) නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වූ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදාහැර තිබේ.
ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප සහ රුපියල් දසදහසක මුදල් ඇප මත මන්ත්‍රීවරයා මුදාහැරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මීට අමතරව සෑම ඉරිදා දිනකම බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත් ඔහුට නියෝග කර ඇත.