FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

මෝටර් රථ වාහන පනත යටතේ සිදුකරනු ලබන බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම සඳහා යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.
මාර්ග අනතුරු සඳහා හේතුවන බරපතල වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල් ඉහළ දැමිමට මීන් පෙර යෝජනා වු අතර එ සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ කමීටු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමීන්, බරපතල වැරදි 10 ක් සඳහා අදාළ සංශෝධනය සිදු කිරිම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එ සඳහා වු පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමටත් , ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.