FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායකවරයා යළි දිවයිනට…

“ද හින්දු” පුවත්පත සංවිධානය කළ බැංගලෝර් සමුළුව සඳහා සහභාගි වීම සඳහා ඉන්දීයාවට ගොස් සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය ඉන්දීය සංචාරය නිම කර යළි අද (13) දිවයිනට පැමිණ තිබේ.
හයිද්‍රාබාද් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 178 දරණ යානයෙන් විපක්ෂ නායකරවරයා දිවයිනට ළඟා වූ බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කියයි.