FAST NEWS

24×7 Around the Globe

මධූෂ් -අමල් -නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන මාකඳුරේ මධුෂ් සහ  ගායක  අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට  ජාත්‍යන්තර පොලීසිය හරහා  කටයුතු සිදු කරන බව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) ප්‍රකාශ කළේය .

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග  දිසානායක මහතා ඉදිරියේ කරුණු  ඉදිරිපත් කරමින්.

පසුගිය 2016 වසරේදී අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා  සමඟ දැඩි  සබඳතාවක් තිබු බව පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී කරුණු අනාවරණය කළේය.

මේ වන වන විට මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා  ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර  ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව  ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු  ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.