FAST NEWS

24×7 Around the Globe

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කරයි..

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපරාධ ඇතිවීමට හේතු හඳුනාගැනීම, අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය වැඩිවීම හා අපරාධ සිදුවන කාලය හඳුනාගැනීම සඳහා මෙම අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කර තිබේ.
බල අපරාධ 26 ක් හා ඒ යටතේ ඇති අනු කොටස් යටතේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත වාර්තාවන බල අපරාධ සම්බන්ධ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කර විශ්ලේෂණය කිරීම සිදුකරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම දත්ත අදාළ පද්ධතියට ඇතුළත් කළ පසු සමස්ත දිවයිනේම සිදුවන අපරාධවල අඩුවැඩි වීම, සිදුවූ කාලහෝරාව හා අපරාධ වැඩිපුර සිදුවන බල ප්‍රදේශ පිළිබඳ පොලීසියට ක්‍ෂණිකව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද ලැබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පොලීසිය එක්ව මෙම බුද්ධි තොරතුරු විශේලේෂණ පද්ධතිය ඇතිකිරීමේ කටයුතු සිදුකර තිබේ.