FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රිය වීමේ වාර්තාව අද (13) මහලේකම්ට…

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 12 ක් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (13) භාරදීමට නියමිත බව වාර්තා වෙයි.
කථානායකවරයාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තුවේ සෝපාන නඩත්තු කටයුතු සිදුකරන සමාගමේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය වූ දිනට පසුදින සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.
පාර්ලිමේන්තුවේ පවතින සියලු විදුලි සෝපාන පිළිබඳ තත්ත්ව සහතික වාර්තාව සහ මන්ත්‍රීවරුන් සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.
අද භාරදෙන වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කථානායකවරයා වෙත ලබාදීමට නියමිතයි.
පසුව කථානායකවරයා සභාවාරය පැවැත්වෙන ලබන 20 වනදා එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.