FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය සමිති දෙකක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සූදානමින්..

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම නැවැත්වීමට සහ වැටුප් විෂමතා කඩිනමින් විසදීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් 25 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට සිදුවන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.
මීට අමතරව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
දුම්රිය සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් රජය ක්‍රියා නොකරන්නේ නම් තමන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව එම සන්ධානයේ සම කැදවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේය.