FAST NEWS

24×7 Around the Globe

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරයි..

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම අද (12) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අවසන් කෙරුණි.

මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අදාළ නඩුව ලබන 22 වනදා යළි කැදවීමට නියමිතයි.