FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්..

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙරවරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 5.00 දක්වා පැය 21 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන් හි ජල සැපයුම සීමා කෙරෙනු ඇති බව පැවසේ.