FAST NEWS

24×7 Around the Globe

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සංශෝධනය වෙයි…

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් ද ඉහළ දැමුණි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 06 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 05 කින් ද ඉහඝ දැමූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 08 කින් ද ඉහළ දමා ඇත.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් ඉහළ දමා ඇති අතර, යුරෝ ෆෝ වර්ගයේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 05 කින්ය.
අයි. ඕ.සී. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 08 කින් ඉහළ නංවා තිබේ.
නමුත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ නොදමන බව ලංකා අයි. ඕ.සී. සමාගම ප්‍රකාශ කර ඇත.
මිල සංශෝධනයත් සමඟ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 126 ක් වෙයි.
ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමියම් ලීටරයක නව මිල සටහන් වෙන්නේ රුපියල් 155ක් ලෙස වන අතර අයි. ඕ.සී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් තවදුරටත් රුපියල් 131 කට අලෙවි කෙරෙනු ඇත.