සබරගමු පළාත් සභා මන්ත්රී හසිත මුහන්දරම් නොහොත් සර්පයාගේ මන්ත්රී ධූරය ආහෝසි කර ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න පවසයි.
මරණ දඬුවම් හිමිවීම නිසා ඔහුගේ සිවිල් අයිතීන් අහිමිවීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් මත නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ පළාත් සභා මන්ත්රී ධූරය අහෝසි කිරීමට කටයුතු කර ඇත.
ඒ වෙනුවට එජාප මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි බී.ආරියවංශ පත් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.
හසිත මුහන්දිරම් නොහොත් සර්පයා 2013 දෙසැම්බර් 31 වැනිදා කලවාන මානාන නගරයේදී පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයට යටකර මරා දැමීම සම්බන්ධයෙන් පසුගිය 2014 දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය.
කෙසේ වෙතත් හසිත මුහන්දිරම් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පළාත් සභා සැසිවාරයන්ට ද සහභාගී විය.







