FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රී චමීන්ද විජේසිරිව අත්අඩංගුවට ගන්නා බව දැනුම් දෙයි..

පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
ඊයේ (10) රාත‍්‍රියේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසළ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහර දී තිබු බවට වාර්තා විය.
පොලිස් නිලධාරියා පැමිණි ජීප් රථය, මන්ත‍්‍රීවරයා පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමකින් පසුව මෙම පහර දීම සිදුව ඇති බවද පැවසේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප‍්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා විසින් පහරදුන් බව පවසමින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාගේ රියදුරා ද දියතලාව රෝහලට ඇතුළත් වී තිබේ.
කිසියම් මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නේ නම්, මන්ත‍්‍රී වරප‍්‍රසාද යටතේ කථානායකවරයා දැනුවත් කළ යුතු වන අතර ,ඒ අනුවයි බණ්ඩාරවෙල පොලිසිය, කථානායකවරයා වෙත අදාළ දැනුම් දීම සිදු කර තිබේ.