FAST NEWS

24×7 Around the Globe

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇතැයි ජල සම්පාදන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
වසර ගණනාවක සිට ජල සම්පාදන මණ්ඩල විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් ණය ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය මතු ව ඇති බවත්, මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ ණය ප්‍රමාණය බිලියන 70 ක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි.
එම ණය පියවීමට විධිමත් ක්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති බවට උපාලි රත්නායක මහතා චෝදනා කර සිටියි.