FAST NEWS

24×7 Around the Globe

විමල් ඇතුළු විත්තිකරුවන් හය දෙනාගේ නඩුව 25 ට කල්යයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු  ලැබූ අවස්ථාවේදීයි.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් මෙම නඩුව පවරා තිබේ.