FAST NEWS

24×7 Around the Globe

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පවසයි.

අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය.

මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 අඩු වයසැති පුද්ගලයන් විය යුතුයි.

තවද කලින් කැඳවු අයදුම්පත් නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.