විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා ඊයේ (10) පැවති තරග විභාගයට ජංගම දුරකථන සඟවාගෙන පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ පැවති මධ්‍යස්ථානයේදී විභාගය ආරම්භවීමට ප්‍රථම මෙම ජංගම දුරකථන මෙසේ සොයාගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිරීක්ෂන කණ්ඩායමට හැකියාව ලැබී ඇත.
එම අපේක්ෂකයින් අදාළ විද්‍යාලයේ ශාලා තුනකදී මෙම තරග විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.
විභාගය පෙරවරු 9.00 ට ආරම්භවීමට ප්‍රථම සියලු අපේක්ෂකයින්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම අදාළ නීති රීති සියල්ලම දන්වා සිටි අතර, ජංගම දුරකථන ළඟ තබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණි.








