FAST NEWS

24×7 Around the Globe

මත්පැන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට – සුරාබදු දෙපාර්තමේන්තුව…

මත්පැන් ළඟ තබාගැනීමේ බලපත්‍ර ඔන් ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සැළසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

මෙහිදී කිසියම් පුද්ගලයෙකු දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 7.5 කට වඩා ළඟ තබා ගන්නේ නම් ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් ලබාගත යුතුවේ.

එලෙස බලපත්‍රයක් ලබා නොගතහොත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවෙත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.