FAST NEWS

24×7 Around the Globe

මාර්තුවේ සිට ලොකු ලූණු ආනයනයට සීමා..

ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවද අමාත්‍යංශය කියයි.
ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.