FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැඳවන ගැසට් නිවේදනය නිකුත් කරයි.

අට වන (08) පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා දින නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්.

අදාළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස පළමුවෙනිදා උදෑසන 9.30 ට රැස්විය යුතු වනවා. මෙමකැඳවීම සිදුකෙරෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව බවද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ සහ ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පත්කෙරුණු බව දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයායි. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස ද, ඞී.එම්. ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙසද පත්කර තිබෙනවා. ඔවුන් අදාළ ධුරයන් හි දිවුරුම් දුන්නේ ඉකුත් 24 වෙනිදායි.