FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී සියලුම ධීවර යාත්‍රා සඳහා ජී.එස්.පී. තාක්ෂණය –  ධීවර අමාත්‍යාංශය..

 

මෙරට සියලුම ධීවර යාත්‍රා සඳහා ඉදිරියේ දී ජී. එස්. පී. තාක්ෂණය හඳුන්වාදීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය සදහන් කරයි.

ඊට අමතරව ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විෂය භාර අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.

ධීවර වරායෙන් පිටව යන , ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන් හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යෑම අනිවාර්ය කිරීමටත් , හදිසි දැනුම්දීම් , කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් මාස 02 ක කාලයක් තුළ හඳුන්වා දීමටත් එම නව වැඩපිළිවෙල ඔස්සේ එම අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.