FAST NEWS

24×7 Around the Globe

කෝටියක කොකේන් සමඟ ඉන්දීය ජාතියෙකු අත්අඩංගුවට.

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක් වන අතර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් 1,50,75,000 වටිනා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක් බර කොකේන් තොගයක් සඟවා ගෙන ආ බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වමින් සිටියි.

මෙම ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.