FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 01 වැනිදා…

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාර්තු 01 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (07) දැනුම් දුන්නේය.
පැමිණිල්ලේ හා විත්තියේ සාක්‍ෂි විභාග කිරීමෙන් සහ නීතීඥ දේශන අවසන් කිරීමෙන් පසුව විනිසුරුවරයා විසින් එ් බව දැනුම්දෙනු ලැබීය.
බලපත‍්‍ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද ලියාපදිංචි නොකල හා සොරකම් කරන ලද අලියෙකු බව දනිමින්ම හා සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබා ගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.