FAST NEWS

24×7 Around the Globe

ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ගේ නඩුව යළිත් කල් යයි…

 

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි ගොනුකර ඇති නඩුව ලබන 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.