ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කරනු ලැබීය.
ඒ, එම පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
2008 වර්ෂයේ ගල්කිස්ස ප්රදේශයේ දී හෙරොයින් ග්රෑම් 07 කට අධික ප්රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් 2015 ඔක්තොම්බර් 14 වනදා විත්තිකරුට මරණ දණ්ඩණය නියම කළේය.








