FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පොලීසියටත් ලේඛණාගාරයක්…

 

ශ්‍රී ලංකා පොලීසිය ශක්තිමත් කිරීමේ තවත් අදියරක් ලෙස ‘පොලිස් ලේඛණාගාරයක් ’ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

මෙම ලේඛණාගාරය අංක 01, කුමාරන්රත්නම් පාර, කොළඹ 02 යන ලිපිනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ එය ස්ථාපිත කර තිබේ.

මෙහි ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසය , රාජ්‍ය පරිපාලන හා පොලිස් නීති චක්‍රලේඛන, පොලිස් පෝරම, පොදු පෝරම හා විවිධ පෝරම , පොලිස් ගැසට් පත්‍ර ඇතුළු ආඥා පනත් තැන්පත් කර ඇති බව සඳහන් වේ.