FAST NEWS

24×7 Around the Globe

හලාවත-මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක් අරඹයි..

හලාවත-මීගමුව පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට මීගමුව පොලීසිය තුළදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදීමක් හේතුවෙන් එම මාර්ග අංකයේ සේවකයන් අද (07) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ චමින්ද අනුරද සිල්වා නැමැති 41 හැවිරිදි පුද්ගලික බස් කොන්දොස්තරවරයෙක් වන බවත්, ඔහුමේ වනවිට මාරවිල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.
අදාළ සිද්ධිය පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හලාවත මගී ප්‍රවාහන සමාගම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියි.