FAST NEWS

24×7 Around the Globe

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඩුබායි ආරක්ෂක අංශ විසින් සැකකරුවන් රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව, පොලිසිය  සඳහන් කළේ ය.

මේ අතර ඕනෑම අවස්ථාවක සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරට බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ඩුබායිහී කලීජ් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබ.