FAST NEWS

24×7 Around the Globe

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි..

 

ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.