ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන මාකදුරේ මධූෂ් ඇතුලු සෙසු සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ක්‍රියාවලිය සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
දෙරටේ බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ දින වකවානු තීරණය කිරීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කරයි.








