FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකු ළඟ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්…

 

ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව වාර්තා වෙයි.

ඩුබායිහි සුපිරි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර ඩුබායි ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය ඩුබායි රාජ්‍ය සමඟ මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලූ මෙරට සිදුවු දරුණු ඝණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක සහය හිමිවූ බවත් වාර්තා වෙයි.

මධූෂ් සමඟ අත්අඩංගුවට පත්වූ පිරිස අතර, තවත් පාතාල කල්ලි සාමාජිකයන් 04 දෙනෙකු මෙන්ම ජනප්‍රිය ගායක ශිල්පියෙකු සහ ඔහුගේ පුතා ද සිට තිබේ.