කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබාදී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම්වලට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.
රටේ වත්මන් තත්වයට ගැලපෙන පරිදි වරාය ආශ්‍රිතව නව ආරක්ෂක සැලස්මක් වහාම සකස් කරන ලෙසත් එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද තමන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා වරාය අධිකාරියේ නිළධාරින්ට දැනුම් දී ඇත.
වරාය අධිකාරියේ සියලු ගණුදෙනු නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවිය යුතු බවත් රහසිගත සාකච්ඡා හරහා වරායේ කිසිදු ගණුදෙණුවක් සිදු නොවිය යුතු බවටත් අමාත්‍යවරයා මෙහිදී නියෝග කල බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සදහන් කලේය.








