විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පිළිබඳව එල්ල වන විවේචන සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට සිවිල් පුරවැසි කණ්ඩායමක් පත්කිරීමට අමාත්‍ය රවී කරුණානායක මහතා පියවරගෙන ඇත.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් , රංජිත් විතානගේ , මාධ්‍යවේදී නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රගීත් පෙරේරා සහ විමුක්ති දුෂාන්ත යන මහත්වරුන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
අඩුම මිලකට ජනතාවට විදුලිය ලබාදීම තම අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වන බවත් 2015 සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලුතින් විදුලිය එක්වී නැති බවත් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.








